රටේ අනාගතය පිළිබඳව හෝ මේ රටේ ආර්ථිකය පිළිබඳව කිසිම ආකාරයක අබමල් රේණුවක බියක් සැකක් වර්තමාන ජනාධිපතිතුමා හා රජය යටතේ ඇතිකර ගත යුතු නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මගින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (18) පැවැති ‘ අලෙවි පිළිසඳර ‘ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය .
සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වසර 41ක් ගත වන 2023 වර්ෂයේදී මෙතෙක් ළඟා කරගත් වාර්ෂික ඉහළම පිරිවැටුම රුපියල් බිලියන 26.6 ක් ලෙස උපයමින් රජයට රුපියල් බිලියන 5.1 ක දායකත්වයක් ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර තිබේ.
මෙවැනි වාර්තාගත ලෙස ආදායමක් ඉපයීමට පෙරමුණ ගත් දිවයින පුරා සිටින අළෙවි නියෝජිතයින් විසි දහසකට වැඩි අලෙවි බලකාය බලගැන්වීමේ අරමුණින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතාගේ උපදෙස් මත දීපව්‍යාප්තව ‘ අලෙවි පිළිසඳර ‘ නමින් දිස්ත්‍රික්ක වශයෙන් ඇගයීමේ වැඩසටහනක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති අතර එහි ප්‍රථම වැඩසටහන මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලස අනුරාධපුරයේදී පැවැත්විණි.
මෙහිදී එම ත්‍යාග රටාවන් පිළිබඳව දැනුවත් කිරීම, අලෙවි නියෝජිතයින්ව ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරමින් බැංකු සමග ගනුදෙනු කිරීමට පෙළඹවීම සඳහා මහජන බැංකවෙහි රුපියල් දහසක මුදලක් තැන්පත් ගිණුම් විවෘත කරවීමද මෙහිදී සිදුකෙරිණ.
මෙම සමාරම්භක උත්සවයට සමගාමීව මිහින්තලය , ගල්නෑව ප්‍රදේශවලදීද මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි .
මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසිය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව කටයුතු කිරීම හේතුවෙන් රජයේ මූල්‍ය කළමනාකරණය මගින් රටේ පැවැති අර්බුදකාරී තත්ත්වයෙන් වර්තමානය වන විට මුදවා ගැනීමට හැකිව තිබෙනවා .
නව නිති, වංචා හා දූෂණය නවත්වන්න නව නීති හඳුන්වාදී තිබෙනවා,හොඳ ආර්ථික වැඩ පිළිවෙළක් ඇති කර තිබෙනවා . එය තවදුරටත් ඉදිරි අවුරුදු පහ තුළ ශක්තිමත් කර අපේ රටක් නිර්මාණය කර ගන්න පුළුවන් .ලොව බොහෝ රටවල් දැන් ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරනවා .ඒ කතා කිරීමේ දී ජනාධිපතිතුමාගේ හා රජයේ කැපවීමට අමතරව ජනතාවගේ කැපීම පිළිබඳව කතා කරනවා .අපේ රට ආර්ථිකයේ නව පරිවර්තනයක් ලබන රටක් ,
මේ රටේ අනාගතය පිළිබඳව මේ රටේ ආර්ථිකය පිළිබඳ ව කිසිම ආකාරයක අබමල් රේණුවක බියක් සැකක් වර්තමාන ජනාධිපතිතුමා හා රජය යටතේ ඇතිකර ගත යුතු නැහැ. හැබැයි අපේ ප්‍රශ්න වලට තවත් විසඳුම් ලබා දිය යුතුයි. මේ අවුරුදු දෙක තුළ මූලික කටයුතු කරා ඊළඟට අපි කොටස් වශයෙන් අරගෙන මීළඟ වැඩ කටයුතු සිදු කරනවා .
විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිපාණ ව්‍යාපාර ක්ෂේත්‍ර වල ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා දිමේ වැඩපිළිවෙළ කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා .
ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වෙනස වසර දෙකක පමණ කාලයක් තුළ සිදු කළා නම් ,එය රට තුළ ඇති නොකළා නම් ඔබ මහන්සියෙන් සිදු කරන ව්‍යාපාරවත් කරගෙන යාමට නොහැකිව අත්හැර දැමීමේ තත්ත්වයට පත් වෙනවා .අද කවුරු කොහොම කිව්වත් ඒ පරිවර්තනය තමයි අද ඔබට ඔබේ මහන්සියෙන් ඔබේ ව්‍යාපාරය කරගෙන යෑමේ වාතාවරණයක් මේ රටේ නිර්මාණය වුණේ .ඒ පරිවර්තනය සම්පූර්ණ වාසිය තවම ලැබී නෑ තවම අපිට ලැබෙමින් පවතිනවා .ඒ සම්පූර්ණ වාසිය ලැබෙන්න තව අවුරුද්දක් එකහමාරක් ඔය වගේ කාලයක් යනවා .
එහෙම නැතුව අපිට වේදිකාවකට ඇවිල්ලා අරක දෙන්නම් , මේදේ දෙන්නම් මේ දේ අඩු කරන්නම් මේ දේ කපා හරින්නම් එහෙම කියලා ආර්ථිකයක් පාලනය කරන්න පුළුවන් තැනක නෙමෙයි අද අපි ඉන්නේ .
මම ඉතාම වගකීමෙන් කියනවා මේ යන ගමන වෙනස් වුනොත් 2022 අප්‍රේල් කාලයට යළි වැටෙනවා එය කිසිසේත් නවත්වන්නට බෑ .වැටෙනවා පමණක් නොවේ මේ වතාවේදි අවුරුදු දෙකකින් ආර්ථිකය ස්ථාවරයක්, ආර්ථිකයේ වර්ධනයක් ඇති කරපු රටක් ලෙස හැබැයි කඩා වැටුණොත් අවුරුදු පහළකින් වත් ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය .
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතා ඇතුළු නිළධාරින් සහා අලෙවි නියෝජිතයින් විශාල පිරිසක් එක්ව වුහ .