308
ගිරාදුරුකොට්ට උල්හිටිය ජලාශයේ පාවෙමින් තිබු නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (18) දින සොයාගත් බව ගිරාදුරුකොට්ටේ පොලිසිය පවසයි.
ගිරාදුරුකොට්ට ධීවර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු මසුන් ඇල්ලීම සදහා ගිය අවස්ථාවේ දි මෙම මළසිරුර දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබිණ.
ඒ අනුව ගොඩගත් මළසිරුර මහියංගණය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ මේ වනවිට තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට නියමිත බවද පොලිසිය පවසයි.
ගිරාදුරුකොට්ට පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුදේෂ් චතුරංග මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක මනෝජ් සම්පත් මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව ඉදිරි විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කළේය