පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය පිළිබඳ ඇති වූ උණුසුම් තත්ත්වයක් දුරදිග යෑමෙන් ඊයේ තායිවාන පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ප්‍රධාන විපක්ෂය වන චීන හිතවාදී කේ.එම්.ටී පක්ෂයේ මන්ත්‍රීවරු සහ සෙසු විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු එක්ව සුළුතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී ඇතැයි වාර්තා වේ.
ගුටිබැට හුවමාරුව සිදුවී ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය යටතේ අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන මන්ත්‍රීවරු අපරාධකරුවන් බවට පත්කිරීමේ යෝජනාව සම්බන්ධව විවාදය පැවති අවස්ථාවේදී බවත්, එකිනෙකා තල්ලු කරමින් සහ පහර දෙමින් දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු කෝපයෙන් යුතුව හැසිරී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුව සිදුවූයේ එරට නව ජනාධිපති ලෙස බටහිර හිතවාදී විලියම් ලායි දිව්රුම් දීමට දින දෙකක් ඉතිරිව තිබියදී වන අතර, ලබන සඳුදා නව ජනාධිපති දිව්රුම් දී වැඩ භාර ගැනීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.