Home » කොළඹ ගුවන් සංදර්ශනයේ සහ ආරක්ෂක ප්‍රදර්ශනයේ දින සංශෝධනය කෙරේ

කොළඹ ගුවන් සංදර්ශනයේ සහ ආරක්ෂක ප්‍රදර්ශනයේ දින සංශෝධනය කෙරේ

by yasara
May 18, 2024 7:12 pm 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්‍රදර්ශනය 2024 මැයි මස 29 වන දින සිට 2024 ඡුනි මස 02 වන දින දක්වා කොළඹ වරාය නගරයේ සහ ගෝල් ෆේස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුුුණි.

නමුත් ඒ සදහා සහභාගී වීමට නියමිත විදේශිය ගුවන් හමුදාවන්, ඡාත්‍යන්තර ගගන තාක්ෂණික සහ ආරක්ෂක පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත සහ ඔවුන්ගේ සහභාගීත්වයට පුළුල් අවස්ථාවක් ලබාදිමේ අරමුණින් කොළඹ ගුවන් සංදර්ශන සහ ආරක්ෂක ප්‍රදර්ශනය ගුවන් හමුදා 74 ‌​වෙනි සංවත්සරයට සමගාමීව 2025 පෙබරවාරි මස 26 වන දින සිට 2025 මාර්තු මස 02 වන දින දක්වා  පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT