Home » තත්පර 10ට අඩු කාලයකින් කටින් පොල්ලෙලි ගසන පදවියේ අමිල

තත්පර 10ට අඩු කාලයකින් කටින් පොල්ලෙලි ගසන පදවියේ අමිල

by yasara
May 18, 2024 11:22 am 0 comment

තත්පර 10ට අඩු කාලයක දී කටේ දත් වලින් පොල්ලෙලි ගසන තරුණයෙකු පදවිය බාලයාවැව ප්‍රදේශයේ සිටින පුවතක් අපට වාර්තා වෙයි

අඩියක් පමණ දිග අඟල් 21 කින් පමණ විෂ්කම්භයකින් යුතු වියළි කළාපයේ පොල් ගස් වල හැදෙන පොල් ගෙඩියක් තත්ත්පර 10ට අඩු කාලයකින් කටින් ලෙලි ගැසීමෙන් ගිනස් වාර්තා පොතට ඇතුත් කළ හැකි වික්‍රමයක් සිදු කරන මෙම තරුණයා නමින් කරුණාපේලි ගෙදර අමිල රුවන් කුමාර රාජපක්ෂය.

පදවිය බාලයාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මේ වන විට 34 වියැති තරුණයෙකු වන වේ.

දෙදරු පියෙකුද වන අමිල මේ වන විට සේවය කරනු ලබන්නේ මුලතිව් විශ්ව මඩු ජාතික ආරක්ෂක බලමුළුවේ යුධ හමුදා රණවිරුවෙකු ලෙසය.

ඔහුගේ හැකියාව පිළිබඳ අදහස් දැක් වූ අමිල …….

“මේක මම මුලින්ම ලෙලි ගහන්න පුහුණු වුණේ අනුරාධපුර යුධ හමුදා රෙජිමේන්තු මූළස්ථානයේ සිටිය කාලයේ ඉතින් ඒ් කාලයේ දී මං පුහූණු වුණ ඒක දිගටම පුරුදු වුණා.දැන් මට පොඩි කාලයක් තුළ කටින් පොල්ලලි ගහන්න් පුළුවන්.

මං දන්න විදිහට මං සොයලා බැලුවා මං වගේ අඩු කාලයකින් කවුරුවත්ම පොල් ලෙලි ගහලා නෑ කටින් බොහොම පොඩි කාලයක් තුළ.ඒ් කියන්නේ තත්පර 11ට 10ට අඩුවෙන් “

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT