Home » ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක්

by chanaka
May 18, 2024 10:38 am 0 comment

පසුගිය 12 වැනි දින වාලච්චේන ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය 05 දෙනෙකුගෙන් යුතු ධීවර යාත්‍රාවක් එම වරායේ සිට කිලෝමීටර් 47ක් පමණ දුරින් අනතුරකට ලක්ව ඇති බව වාර්තාවේ.

බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු කරමින් සිටි ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඒ ආසන්නයෙන් ගමන් කරමින් තිබූ නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අනතුරින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 60 හැවිරිදි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්වී ඇත.

එක් පුද්ගලයෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉතිරි දෙදෙනාට අනතුරක් වී නොමැත. වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT