Home » ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විදත් පාපැදි ඉසව්ව ‘Eco Ride’
ඉකුත් වසරේ Lumala Eco Ride වැඩසටහන අතරතුරදී

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විදත් පාපැදි ඉසව්ව ‘Eco Ride’

by damith
May 18, 2024 1:20 am 0 comment

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විද්‍යුත් පාපැදි ඉසව්ව ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ පැවැත්වීමට නියමිත ය. ‘ප්ලාස්ටික් කළමනාකරණය කරමු, පරිසරය සුරකිමු’ යන තේමාව යටතේ මෙවර Eco Ride වැඩසටහන පැවැත්වීම ද විශේෂත්වයකි. තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද භාවිතයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත්, Eco Ride වැඩසටහනට දිවයිනේ නන් දෙසින් ශ්‍රී ලාංකිකයින් සහභාගි වීමට නියමිත ය. ඊට, බිම් මට්ටමේ පරිසර සංවිධාන, විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රජා සංවිධාන, පළාත් පාලන ආයතන, අමාත්‍යාංශ, පාපැදි කණ්ඩායම්, පාපැදි ධාවකයින්, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් මෙන්ම සංචාරකයන් ද ඇතුළත් වනු ඇත.

කිලෝ මීටර 500කට වැඩි විද්‍යුත් පාපැදි ධාවන ඉසව්ව සඳහා Lumala මඟින් නිෂ්පාදනය කෙරෙන විද්‍යුත් පාපැදි මාදිලි රැසක සහභාගිත්වය ද මෙහිදී දැකගත හැකිවනු ඇත. පානදුර නගරයෙන් ආරම්භ වන Eco Ride, පැල්මඬුල්ල හරහා හපුතලේ වෙතත් අනතුරුව දර්ශනීය හෝටන්තැන්න හරහා නුවරඑළියටත් ගමන් කිරීමට නියමිතය. ඉන් අනතුරුව නුවරඑළියේ සිට, මහනුවර, කෑගල්ල හරහා නැවත කොළඹ බලා ගමන් කරනු ඇත.

තෝරාගත් ස්ථාන කිහිපයකදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සහ නගරාශ්‍රිත විශේෂ ඉදිරිපත් කිරීම් සිදු කිරීම මෙම වැඩසටහනේ විශේෂාංග ලෙස සැලකිය හැකිය. සතියක් පුරා දිවෙන මෙම වැඩසටහන අතරතුරදී තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ සමාජය දැනුවත් කරන අතර, විශේෂයෙන්ම වරක් පමණක් භාවිත කළ හැකි පොලිතින් සහ ප්ලාස්ටික් කළමනාකරණය එහිදී අවධාරණය කෙරේ. තව ද, පරිසර ආරක්ෂණ වැඩසටහන් පිළිබඳ හෝටන්තැන්න ආශ්‍රිතව අනු වැඩසටහනක් ද සංවිධානය කර තිබේ. මීට අමතරව, තිරසර ගමනාගමන ක්‍රමවේද භාවිතයේ අවශ්‍යතාව පෙන්වා දීමත්, රූදෙස් (පරිසර හිතකාමී) සංචරණය ප්‍රවර්ධනය කිරීමත් මෙම වැඩසටහනේ වෙනත් අරමුණු වේ.

ඉකුත් වසරේ මාර්තු මාසයේදී පැවැති Eco Ride වැඩසටහන ද අතිසාර්ථක ලෙස සංවිධානය කර තිබුණු අතර, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 800කට අධික ප්‍රමාණයක් එවර ආවරණය කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT