Home » වසරේ 18 වන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන ගාල්ල බලපිටිය පතිරාජ මහා විද්‍යාලයේ දී

වසරේ 18 වන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන ගාල්ල බලපිටිය පතිරාජ මහා විද්‍යාලයේ දී

by yasara
May 18, 2024 5:36 pm 0 comment

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (18) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ, බලපිටිය පතිරාජ මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවාදන්ත වෛද්‍ය සායනයඅක්ෂි සායනයරුධිරයේ සීනි මට්ටම පරික්ෂාවරුධිරයේ මේධ මට්ටම පරීක්ෂාවශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීමරුධිර පීඩනය මැනීමසුවනාරි සායනයආයුර්වේද සායනය,  වකුගඩු සායනයබෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාවසෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්  ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ‌මෙවැනි සායන පැවැත්වීම මගින් නිරෝගීමත් ජනතාවක් බිහි කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදීත් දිවයිනේ සෑම ප්‍රදේශයක මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ජංගම සෞඛ්‍ය  සායන පැවැත්වීමට කටයුතු කරන බවයි. බලපිටිය රෝහලේ සංවර්ධන කටයුතු සදහා රුපියල් කෝටි 08 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බවත්, දිස්ත්‍රික්කයේ සියළු සෞඛ්‍ය ආයතන මෙන්ම  ඌරගහ රෝහල ද සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ද පැවැසීය.

ඌරගහ ප්‍රාදේශීය රෝහල ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, රෝහලේ තීන්ත ආලේප කටයුතු මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සදහා මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව ද එහිදී පැවැසීය.

කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම ගාල්ල කරාපිටිය රෝහල, බලපිටිය රෝහල ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සායනයෙන්  ප්‍රථිකාර සේවාවන්

ලබාගැනිම සදහා කුරුදු කර්මාන්ත ප්‍රධාන ජීවනෝපාය කරගත් පතිරාජ පෙදෙස, පොල්අතුපැලැන, බොරළුකැටිය, පැලැගස්පලාත, වතුරවිල ඇතුලු අවට ග්‍රාම නිළධාරී වසම්වල විශාල  ජනතාවක් අද පෙරවරුව වන විට සහභාගී වී  සිටියහ.

මෙම අවස්ථාවට බලපිටිය  ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන්ද සිල්වා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජයවර්ධන ජයවර්ධන, බලපිටිය ආසන සංවිධායක චන්න සාලිය මෙන්ඩිස්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම  ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT