පැරිස් ඔලිම්පික් උලෙළට සහභාගීවන ළදරුවන් සිටින කිරි දෙන ක්‍රීඩක අම්මාවරු වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔලිම්පික් සංවිධායකයෝ පියවර ගෙන ඇත. ක්‍රීඩා උලෙළ අතරතුර තම ළදරුවන් තමන් ළඟ තබා ගැනීමට ඉඩ දෙන ලෙස කාන්තා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ඉල්ලා ඇති හෙයින් ප්‍රංශ ඔලිම්පික් සංවිධායකයෝ මේ සම්බන්ධ පියවර කිහිපයක් ගෙන තිබේ.
ඔලිම්පික් ගම්මානයට නුදුරින් පිහිටි සාන්ත ඩෙනිස් හි ප්ලෙයෙල් හෝටලයේ කාමර තම දරුවාට කිරි දෙන මව්වරුන්ට වෙන්කොට දී ඇති අතර, දරුවා කැටුව යන පුද්ගලයා සමඟ නවාතැන් ගැනීමට ද අවස්ථාව සලසාදී තිබේ. දෙමව්පියන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ කුඩා දරුවන් සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කිරීමට හැකි වන පරිදි මීටර් 100ක ‘පවුල් ප්‍රදේශයක්‘ පිහිටුවීමට ද පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු රීතිය අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, නිලධාරීන්ට හා පුහුණුකරුවන්ට අමතරව කිසිවෙකුට ඔලිම්පික් ගම්මානයේ නිදා ගැනීමට අවසර නැත. එහෙත් සමාජය වෙනස් වෙමින් පවතින බවත්, මෙය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එක් අවශ්‍යතාවයක් සපුරාලීමක් බවත් ප්‍රංශ ඔලිම්පික් ප්‍රධාන ලේකම් අස්ට්‍රිඩ් ගයාට් මහතා සඳහන් කළේය. ජුලි 18 වැනිදා ගම්මානය විවෘත කළ දින සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර, මව්කිරි දෙන ළදරුවන්ට දිනකට දෙවරක් උදේ 9 සිට රාත්‍රී 9 දක්වා ඔවුන්ගේ මව්වරුන් දැකබලා ගැනීමට හැකියාව ලැබේ.
ප්‍රින්ස් ගුණසේකර