Home » තහනම් උත්තේජක චෝදනා එල්ල වූ සෙමිණි අද ඇත්ත හෙළි කරයි

තහනම් උත්තේජක චෝදනා එල්ල වූ සෙමිණි අද ඇත්ත හෙළි කරයි

by sachintha
May 14, 2024 2:40 am 0 comment

තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල වූ නෙට්බෝල් ක්‍රීඩිකා සෙමිණි අල්විස්ගෙන් නිදහසට කරුණු විමසීම අද ජාතික විනය කමිටුව ඉදිරියේදී සිදු කෙරෙයි. මෙම නිදහසට කරුණු විමසීම ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේදී සිදුකරන අතර, එහිදී ඇයට අවශ්‍ය නම් ‘බී‘ සාම්පල පරික්ෂණය ඉල්ලා සිටීමේ හැකියාව ඇත.

එහෙත් ඇය ‘බී‘ සාම්පල පරීක්ෂණයට නොගොස් ඇත්ත කතාව හෙළි කිරීමේ සූදානමකින් පසුවන බව ‘දිනමිණ‘ට පැවැසූවාය. එනම් අසනීප තත්ත්වයක් හේතුවෙන් ලබාගත් බෙහෙතක් අනුව මෙය සිඳුවූ බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම ඇයගේ අපේක්ෂාව වේ.

ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්කකොට පුහුණුවීම්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය මඟින් සිදුකළ පරීක්ෂණයකදී නෙට්බෝල් ක්‍රීඩිකාව තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වෛද්‍ය වාර්තාවක සඳහන් වේ. මේ හේතුවෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු නිමාවන තුරු ක්‍රීඩිකාවට තරග තහනමක් පනවා ඇත. සෙමිණි අල්විස්ගේ ‘ඒ‘ මූත්‍රා සාම්පලයේ ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය තිබූ බවත්, එය මාංශ පේශීන් වර්ධනයට ඉවහල්වන තහනම් සංඝටකයක් බවත් වෛද්‍ය වාර්තාවේ දැක්වේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT