අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පාරිසරික ආරක්ෂිත කලාපයක් සේ නම් කර ඇති මහවැලි ගඟේ වරාතැන්න හක්කිද දූපත් අවට ප්‍රදේශයේ කැළි කසළ ඉවත් කිරීමේ පවිත්‍රතා වැඩසටහනක් පසුගියදා (11) දවස පුරා පැවත්විණ.
දොඩම්වල පාලම හා ගැටඹේ පාලම අතර පිහිටි ජෛව විවිධත්වයෙන් පිරි මෙම සංවේදි පරිසර පද්ධතිය තුළ මෙම පවිත්‍රතා වැඩසටහනට පැවැත්විණි. ඊට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂිකා ගීතාංජලි සෙනෙවිරත්න මහත්මිය කියා සිටියේ මෙම සංවේදි පරිසර පද්ධතියට මහවැලි ගඟ දෙපස පදිංචිකරුවන් විසින් අවිධිමත් අයුරින් කසළ බැහර කිරීම නිසා එම කැළි කසළ දූපත්වල විශාල ලෙස තැන්පත්වීම හේතුවන් දූපත් අතරින් පහළට ජලය ගලායාම ද අවහිරව ඇති බවත් කැළි කසළ බැහර කිරීම නිසා දැඩි පාරිසරික හානියක් ද සිදුව ඇති බවත්ය.
මෙම පවිත්‍රතා වැඩසටහනට මහවැලි අධිකාරියේ පොල්ගොල්ල වේල්ලේ කාර්යභාර ඉංජිනේරු පී.යූ.රණවීර, දළදා මාලිගාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම භාර ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්නාත් යාපා මහතා ඇතුළු ජීවිතාරක්ෂක කණ්ඩායම, මහනුවර දෙවන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිසක් හා පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම මහතා ඇතුළු ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ද එක්ව සිටියහ.
කටුගස්තොට සමූහ එස්.ජී.විජේරත්න