Home » රණ විරුවන්ට රජයේ ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

රණ විරුවන්ට රජයේ ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

by chanaka
May 14, 2024 2:36 pm 0 comment

රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින්වර චක්‍රලේඛක උපදෙස් නිකුත් කරනු ලැබ ඇතැයි රජය කියයි.

දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමිවන සහනය ප්‍රමාණවත් නොවන බවත් භුක්ති විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත නීත්‍යානුකූල ලේඛන වල පවතින සීමාකාරී සාධක හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වී ඇතැයි රජය කියයි.

එබැවින් රණවිරුවන්ට ඉඩම් ලබාදීමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසඳුම් ඇතුළත් කරමින් පවත්නා ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT