Monday, April 7, 2025
Home » මල්වතු-අස්ගිරි සාමනේර භික්ෂුන් වහනේසේලාට භික්ෂු පුහුණු වැඩසටහනක්

මල්වතු-අස්ගිරි සාමනේර භික්ෂුන් වහනේසේලාට භික්ෂු පුහුණු වැඩසටහනක්

by chanaka
May 14, 2024 11:52 am 0 comment

මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය උපසම්පදා අපේක්ෂිත සාමනේර භික්ෂුන් වහනේසේලා වෙනුවෙන් පවත්වන භික්ෂු පුහුණු වැඩසටහනක් ඊයේ(13) මහනුවර, සෙංකඩගල එක්සත් බෞද්ධ බල මණ්ඩල ශාලාවේදී ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන අස්ගිරි මල්වතු මහා නායක ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි ශ්‍යාමෝපාලි වංශික මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්මාභිධාන නායක ස්වාමීන්වහන්සේගේ සහ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් සමාරම්භක අවස්ථාව පැවැත්විණි.

වාර්ෂිකව සංවිධානය කරන මෙම පුහුණු වැඩමුළුව තුළින් උප සම්පදා විනය කර්මය පිළිබඳව චාරිත්‍ර, වාරිත්‍ර හා උපසම්පදා විනය කර්මයෙන් පසු භික්ෂුන් වහනසේගේ ශාසනික කාර්ය භාරය, භික්ෂුන් වහන්සේලාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශණය ලබා දීම අරමුණු කරමින් පැවැත්වේ.

මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාරිශවයේ ලේඛාකාධිකාරි ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි මහා විහාර පාර්ශවයේ, ලේඛාකාධිකාරි මැදගම ශ්‍රී ධම්මානන්ද හිම, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු සාමනේර භික්ෂුන් වහන්සේලා, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර, සිව් මහ දේවාල බස්නායක නිලමේවරුන්, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ද හේම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT