Home » විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කළා ගැටලු ඇත්නම් පුළුල් සංවාදයකට සූදානම්

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කළා ගැටලු ඇත්නම් පුළුල් සංවාදයකට සූදානම්

by sachintha
May 14, 2024 3:13 am 0 comment

විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශ්වයකට ගැටලු තිබේනම් පුළුල් සංවාදයකට තමා සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) ප්‍රකාශ කළේය. ප්‍රචලිත මාතෘකාවක් වන සීනි බදු වංචාව සම්බන්ධව බොහෝ පිරිස් විවිධ අදහස් පළ කළ ද මේ සම්බන්ධයෙන් චෝදනා කරන සහ විවේචනය කරන පාර්ශ්වයන්ගෙන් මීට ඉදිරිපත් කළ හැකි ප්‍රායෝගික විසඳුම් මෙතෙක් ලැබී නොමැති බවත් කිසියම් හෝ ප්‍රායෝගික ක්‍රමවේදයක් වේ නම් එය ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා පැවැසීය. බදු අඩු කිරීමට සාපේක්ෂව ආනයනකරු අදාළ අඩුකිරීම් නොකළහොත් ඔහුට එයින් මිදීමට හැකියාව ලැබුණු විට අසීමිත මුදලක් එකතු කර ගැනීමට හැකිවන බවත් යම් අවස්ථාවක වහාම බද්ද වැඩි කළොත් රට තුළ පවතින තොගවලට අනියම් වටිනාකමක් එකතුවන බවත් රජයට එය පාලනය කර ගත නොහැකි වුවහොත් එහි ලාභය යන්නේ ද ව්‍යාපාරිකයාට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT