Home » “ආදරේ” අත්අඩංගුවට ගනී

“ආදරේ” අත්අඩංගුවට ගනී

by chanaka
May 14, 2024 12:24 pm 0 comment

පසුගිය මැයි 08 වැනිදා රාත්‍රියේ අහුංගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් ‘ආදරේ‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනී.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තැබීමට වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකි.

කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,150ක් ද සොයාගෙන ඇත.

අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා පළාගොස් තිබුණි.

එහිදී කීර්තිසේන ආබෘෘ නැමැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔහු මේ වනවිට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදීශ ආබෘෘ හෙවත් ‘අහුංගල්ලේ බබා’ නමැත්තාගේ පියා බවට අනාවරණය වී තිබේ.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය කොස්ගොඩ ප්‍රදේශයේ ඉඩමක ගිනි තබා විනාශකර තිබිය දී පොලිසිය විසින් පසුව සොයා ගන්නා ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT