Home » මේ වසරේ චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් වාර 6000 ඉක්මවයි

මේ වසරේ චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් වාර 6000 ඉක්මවයි

by chanaka
May 14, 2024 12:15 pm 0 comment

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවේ ගමන් වාර 6,184 ක් ක්‍රියාත්මක වී ඇතැයි සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමූහය හෙළි කරයි.

එමගින් සම්මත බහාලුම් 675,000 ක භාණ්ඩ බෙදා හැර ඇත. එම ප්‍රමාණය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 11% ක වර්ධනයකි.

අප්‍රේල් මාසය අවසානය වන විට, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සමස්ත වශයෙන් ගමන් වාර 89,000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා තිබීම කැපීපෙනේ. එම දුම්රිය සේවාව මගින් යුරෝපා රටවල් 25 ක නගර 223 කට ප්‍රතිලාභ සැපයේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT