209
ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මාර්තු 25 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම පනත් කෙටුම්පතෙහි මුලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය හිමිවිය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.