Home » රුසියානු කුලී හමුදාවට එක් වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රජය මැදිහත්වෙනවා

රුසියානු කුලී හමුදාවට එක් වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රජය මැදිහත්වෙනවා

by chanaka
May 14, 2024 2:48 pm 0 comment

රුසියාවේ කුලී හමුදාවට බැදී දුෂ්කරතා විඳින ශ්‍රී ලාංකිකයින් ඉන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුවක් ලෙස මැදිහත් වෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි. ලාංකිකයින් 500 කට අධික ප්‍රමාණයක් රුසියානු – යුක්‍රේන කුලී හමුදාවට එකතුවීම හා ඉන් 150 කට ආසන්න පිරිසක් මියයාම සම්බන්ධව මාධ්‍යවේදියෙකු අද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරුන් වගකීමෙන් යුතු ව ඊයේ (13) පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ බවත්, විදේශ කටයුතු අමාත්‍යංශයත්, ආරක්ෂක අංශත් මේ පිලිබඳ කටයුතු කරන අතර නීත්‍යානුකුල නොවන ආකාරයෙන් විදේශ ගත වීම නවත්වන ලෙසට විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ සේවා නියුක්ත කාර්යාංශය හා එම අමාත්‍යවරුන් වෙනත් රටවල තානාපති කාර්යාලත් දිගින් දිගටම මහජනතාව දැනුවත් කරනු ලබන බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් වරද දැන දැනම සිදු කරන්නේ නම් එහි දී ඇති වන තත්ත්වයට පමණක් රජයට පිළිතුරු සෙවීමට යැයි පැවසීම සාධාරණ නොවන බව ද, රුසියාවට කුලී හමුදා ලෙස පමණක් නොව වෙනත් රටවලට බෝට්ටු මඟීන් හා නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වෙනත් විදේශ රටවලට යාම හා ඒ හා සම්බන්ධ වන දුෂ්කරතා හා අන්තරාකාරී තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස මීට වඩා නිසියාකාරව තේරුම් ගත යුතු බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT