Home » මහ­නු­වර උද්‍යා­න­යක බුදු මැඳුර කැඩූ යාච­ක­යාට නඩු

මහ­නු­වර උද්‍යා­න­යක බුදු මැඳුර කැඩූ යාච­ක­යාට නඩු

by damith
May 11, 2024 12:45 am 0 comment

අසේල කුරු­ළු­වංශ

මහ­නු­වර ටොරි­න්ටන් වෙළෙඳ සංග­මය විසින් රාත්‍රී කාලයේ ඉබි යතුරු දමා වසා තබන මහ­නු­වර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යා­නයේ ඇති බුදු මැඳු­රට ඇතුළු වන ගේට්ටුවේ අගුළු කඩා බුදු මැඳු­රට අලා­භ­හානි කිරීම සම්බ­න්ධනේ මහ­නු­වර පොලි­සියේ විවිධ පැමි­ණිලි අංශය මඟින් යක­ඩයා නමින් හඳු­න්වන යාච­ක­යකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

දරු­වන් පස් දෙනෙ­කුගේ පියකු වන සැක­කරු ඔහුගේ දරු­වන් සිඟ­මනේ යොදවා උපයා ගන්නා මුද­ලින් මත්කුඩු පානය කරන බව පොලිස් පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වී ඇත. මෙම පුද්ග­ල­යාගේ දරු­වන් සිව් දෙන­කුම මේ වන විට පරි­වාස භාරයේ පසු­වන බව පොලි­සිය පව­සයි.

බුදු මැඳුර රාත්‍රී කාලයේ යාක­ච­ක­යන්ගේ පාරා­දී­ස­යක් බවට පත්වීම නිසා දිවා කාලයේ වැඳුම් පිදුම් කිරී­මට පවා නොහැකි ලෙස එම ස්ථානය අපි­රි­සිදු වී තිබෙන බැවින් රාත්‍රී කාලයේ බුදු මැඳු­රට ඇතුළු වීමට නොහැකි ලෙස එහි ගේට්ටු­වට ඉබි යතුරු දැමූ බව ටොරි­න්ටන් වෙළෙඳ සංග­මය පව­සයි.

සැක­ක­රුට එරෙ­හිව අයුතු ඇතුළු වීම සහ අන­ර්ථය යටතේ නඩු පව­රන බව පොලි­සිය පව­සයි. මහ­නු­වර පොලි­සියේ විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දිසා­නා­යක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT