චීන ජනපතිගේ යුරෝපා සංචාරයට විරෝධතාව පළ කරමින් ප්‍රංශයේ පැරිස් නුවර උයිගර් සහ ටිබෙට් ජාතිකයන් විරෝධතා රැලියක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2019ට පසු පළමු වරට යුරෝපයේ සංචාරය කරන චීන ජනාධිපති ෂී ජින්පින් පැරිස් නුවරට ළඟාවීමෙන් පසු එම විරෝධතා රැලිය පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. චීන ජනපති සිය බිරිය සමඟ යුරෝපයේ දින දෙකක නිල සංචාරයට එක්වී ඇත්තේ මේ වන විට අර්බුදයකට ලක්වී ඇති යුරෝපය සහ චීනය අතර වෙළෙඳාම නැවත ගොඩනැඟීමට සාකච්ඡා පැවැත්වීම අරමුණු කරමින් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ටිබෙට් රාජ්‍යය චීනයෙන් නිදහස් කරගැනීමට සහ චීනයේ ෂිංජියැන් ප්‍රාන්තයේ උයිගර් සුළුතර ජනතාවට චීන හමුදාවෙන් සිදුවන බව කියන වධහිංසාවලට එරෙහිව යුරෝපා රටවල අවධානය යොමු කිරීම එම විරෝධතාවේ අරමුණ වී ඇති අතර, ඒ සඳහා ටිබෙට් සහ උයිගර් ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.