ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ ලක්නව් සුපර්ජයන්ට්ස් අතර තරගයෙන් ලක්නව් පිල පරාජයවූ අතර, එයින් පසු ලක්නව් කණ්ඩායමේ හිමිකරු සන්ජීව් ගොඑන්කා පැමිණ නායක කේඑල් රාහුල්ට දෝෂාරෝපණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
හයිද්‍රාබාද්හිදී පැවති මේ තරගයෙන් ලක්නව් පිලට විශාල පරාජයක් අත්වීම මේ උණුසුම් වාග් ප්‍රහාරයට හේතුවී ඇති අතර, රාහුල් සමඟ දැඩි කෝපයෙන් සිටිනු වීඩියෝවක් මඟින් දැක්වේ.
ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරු සංජීව් ගොඑන්කා ඉදිරියේ කේ.කේ. රාහුල් සම්පූර්ණයෙන්ම අසරණ විය. වීඩියෝපටය නරඹන අතරතුර විචාරකයන් ද එවැනි සාකච්ඡාවක් පැවැත්විය යුතුව තිබුණේ ක්‍රීඩාගාරය තුළ වසා ඇති කාමරයක බව පෙන්වා දීමට ද අමතක කළේ නැත.