Saturday, April 19, 2025
Home » ආයුර්වේද මධ්‍යස්ථාන මුවාවෙන් ජයටම ගණිකා සේවයේ ගිය කතුන් 9ක් දැලේ

ආයුර්වේද මධ්‍යස්ථාන මුවාවෙන් ජයටම ගණිකා සේවයේ ගිය කතුන් 9ක් දැලේ

by mahesh
May 10, 2024 1:00 am 0 comment

ගල්කිස්ස - ෂෙහාන් ජයවර්ධන

ගල්කිස්ස පොලිස් වසමේ කාසිය මාවත හා ගල්කිස්ස වෙරළ පාර ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යනු ලැබූ මහා පරිමාණයේ සුපිරි ගණිකා නිවාස දෙකක් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ උපදෙස් මත ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මඟින් වටලා, එහි කළමනාකාරිනියන් දෙදෙනකු සහ කාන්තාවන් 09දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් කාන්තාවන් 9දෙනා පානදුර, ඇල්පිටිය, නිට්ටඹුව, කැටඹුලාව, පොලොන්නරුව, වැලිපැන්න හා දෙණියාය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 27, 30, 32, 34, 35, 37 සහ 44 වන වයස්වල කාන්තාවන් විය.

මෙම ස්ථානය සඳහා පොලිස් උපාය දූතයකු යොදවා සිදු කළ වැටලීමේදී සැකකාරියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එම කාන්තාවන්ව පැය ගණන් සඳහා රුපියල් 6000 සිට ඉහළට විවිධ මිල ගණන්වලට එහි පැමිණෙන පුද්ගලයන් හට ලබාදෙන බවට සිදු කළ මූලික විමර්ශනයේදී හෙළි වී තිබේ.

ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක චමින්ද මහතා විසින් උපාය දූතයාගෙන් ලද තොරතුරු අනුව මෙම ස්ථානය වටලා එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෙම 2024 වසර ආරම්භයේ සිට මේ දක්වා ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ නීති විරෝධී අන්දමින් ආර්යුවේද මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 10ක් වටලා ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් 40කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුර විමර්ශන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක චමින්ද, පොලිස් සැරයන් (60674) මධුසංඛ, පොලිස් කොස්තාපල්වරුන් වන (34274) පියසිරි, (11746) බණ්ඩාර, (105087) දක්ෂාන් සහ කාන්තා පොලිස් කොස්තාපල් (12396) ගමගේ යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT