මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වී ගිය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කඳාන පොලිස් වසමේ පියෝ මාවතේ නිවසක ගබඩා කර තිබියදී ජා ඇළ මහජන සෞඛ්‍ය කාර්යාලයට අයත් නිලධාරීන් පිරිසක් විසින් 09 දින සවස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොගය ඉකුත් 07 දින කොළඹ වරායේ සිට මෙම ස්ථානයට ගෙනවිත් තිබූ බවට අනාවරණය වන්නේ යැයි ද පොලිසිය පවසයි. විදේශගත පුද්ගලයකුට අයත් මෙම නිවසේ භාරකරු ලෙස සිටින පුද්ගලයකු විසින් මිනිස් පාරිභෝජනයට ගෙන එන්නට ඇතැයි සැක කරයි.
ජා ඇළ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්ත එස්.ටී.පී. චාමික යන නිලධාරියා විසින් 10 දින වැලිසර මහේස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට අල කිලෝ 1769ක්, ලූනු කිලෝ 732ක්, කඩල කිලෝ 2600ක්, පරිප්පු කිලෝ 29ක්, හාල් කිලෝ 20ක්, කහ කිලෝ 03ක්, උඳු කිලෝ 150ක් මුද්‍රා තබා ඇත. එක් සැකකරුවෙකු ද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.