264
බාල වයස්කාර දැරියක් රවටා රැගෙන ගොස් ලිංගික අතවර සිදු කොට ඇති බව කියන තරුණ සැකකරුවකු මේ මස 16 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (09) පස්වරුවේ නියෝග කළේය.
මීරිගම ප්‍රදේශයේ සැකකරුවකු එසේ රිමාන්ඩ් කෙරිණි. එම ප්‍රදේශයේම පදිංචි බාලවයස්කාර දැරියක් රවටා රැගෙන ගොස් ලිංගික අතවර සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව මීරිගම පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත‍්අඩංගුවට ගෙන තිබිණ.
පරිවාස වාර්තාව අනුව වින්දිත දැරිය රන්මුතුගල ළමා නිවාසයට භාර දීමට ද නියෝග කැරිණි.
නැවත කැදවීම මේ මස 16 වනදාට කල් තැබිණ.