නීති විරෝධි මාර්ග ඔස්සේ රුසියා – යුක්රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයන් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව, මේ වන විට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයන්, ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධිකරණය කරන ලද පුද්ගලයන්, ආයතන සහ දුරකතන අංක ඇතුළු අදාළ සියලු තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකතන අංක 0112441146 වෙත කඩිනමින් දැනුම් දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා අදාළ අයගේ පවුල්වල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටී. තවද, මේ මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හෝ ඊට අනුබල දෙන පුද්ගලයන් හෝ වෙනත් අය සම්බන්ධ තොරතුරු තිබේ නම් ඒ විස්තරද ඉහත දුරකතන අංකය වෙත දැනුම් දෙන මෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් මහජනතාව වෙත දන්වා සිටිනු ලැබේ.
රුසියාවට සෙබළුන් පටවන ජාවාරමේ තොරතුරු කියන්න අංකයක්
by mahesh
May 10, 2024 1:00 am
0 comment
රක්ෂණ ශ්‍රියන්ත
186