Home » සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ වට්ස්ඇප් මගඩියක්
කොළඹ පාසල් දෙකක හසලක පාසලක

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ වට්ස්ඇප් මගඩියක්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පැවැති ඊයේ (09) විභාග මධ්‍යස්ථාන තුනක සිසුන් කිහිපදෙනකු විසින් වට්ස්ඇප් මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරතව ඇති බවට විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

කොළඹ ප්‍රදේශයේ පාසල් දෙකකින් හා හසලක පාසලකින් මේ සිද්ධීන් වාර්තා වී ඇතැයි ද හෙතෙම කීවේය.

මේ වන විට කොළඹ පාසල් දෙකේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් හසලක සිද්ධිය ගැන පොලිසියට කඩිනමින් වාර්තා කරන බවත් ජයසුන්දර මහතා පැවසුවේය.

ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක් කිසිසේත් වාර්තා වී නැති බවත් මේ සිසුන් ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් මාර්ගයෙන් වෙනත් පාර්ශ්වයන්ට යවා පිළිතුරු ගෙන්වා වංචනිකව පිළිතුරු ලිවීම පමණක් සිදු කර ඇති බවත් හෙතෙම කීවේය.

මේ සිද්ධීන් ගැන විභාග දෙපාර්තමේන්තුව ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

මේ සම්බන්ධයෙන් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT