Home » කෝටි 5ක කුෂ් ගෙනා හෝමාගම නැට්ටුවා ගුවන්තොටේදී මාට්ටු

කෝටි 5ක කුෂ් ගෙනා හෝමාගම නැට්ටුවා ගුවන්තොටේදී මාට්ටු

by mahesh
May 10, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ‘කුෂ්’ නමැති ගංජා තොගයක් මෙරටට රැගෙන ආ නර්තන ශිල්පියෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (08) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජශාලා නර්තන ශිල්පියකු වන අතර ඔහු විසින් සිය ගමන්මල්ල තුළ සඟවාගෙන මෙම ගංජා තොගය මෙරටට ගෙනැවිත් තිබේ.

කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 278ක් බරැති මෙම ‘කුෂ්’ ගංජා තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36ක් තුළ අසුරා ඒවා ඔහු සිය ගමන්මල්ලේ අසුරාගෙන තිබිණි.

මෙම නර්තන ශිල්පියා මෙම ගංජා තොගය රැගෙන පෙරේදා (08) රාත්‍රී 10.40ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT