Home » කෝටි හතරක රන් ජෙල් සිරුරේ සඟවාගෙන ආ ව්‍යාපාරිකයා රේගු දැලේ

කෝටි හතරක රන් ජෙල් සිරුරේ සඟවාගෙන ආ ව්‍යාපාරිකයා රේගු දැලේ

by mahesh
May 10, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී.කපිල

රුපියල් කෝටි හතරක් පමණ වටිනා රත්රන් ජෙල් තොගයක් සිය සිරුරේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි පුද්ගලයකු ඊයේ(09)උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මොහු ගුවන් මගින් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කරන ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ(09)උදෑසන 8.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් සිය යට ඇඳුම්වල සහ පාවහන්වල සඟවාගෙන කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 975ක් බරැති රත්රන් ජෙල් අඩංගු පාර්සල් 03ක් සඟවාගෙන පැමිණ තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT