රත්ගම දේවපතිරාජ විභාග මධ්‍යස්ථාන භුමියට ඇතුළු වී මෙවර අ.පො.ස සාපෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 – 17 යන වයස් කාණ්ඩවල පසුවන සිසුන් දෙදෙනෙකි. පහරකෑමට ලක්වූ සිසුවා රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පහරකෑමට ලක්වූ සිසුවා රත්ගම දේවපතිරාජ පාසලේ ඇති විභාග මධ්‍යස්ථානයේ මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකි. මෙම සිසුවා විභාග මධ්‍යස්ථාන භුමිය තුළ සිටියදී සැකකාර සිසුන් දෙදෙනා අයුතු ලෙස විභාග මධ්‍යස්ථාන භුමියට ඇතුළුවී මෙම සිසුවාට හිස්වැසුමකින් පහරදී ඇති බව පොලිසිය පවසයි. සිසුවාගේ නළලට තුවාල සිදුවී ඇත. පහරකෑමට ලක්වුවද මෙම සිසුවා විභාගයට ඊයේ දිනද පෙනී සිට ඇත. පාසලේ දී ඇති වූ පැරණි ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. එල්. ඩී. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.