Home » ලක්ෂ 15ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙති

ලක්ෂ 15ක විදෙස් දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙති

by mahesh
May 10, 2024 1:00 am 0 comment

කටුනායක - ටී. කේ. ජී. කපිල

රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු සමඟ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙයින් පළමු වැටලීම ඉකුත්දා (07) අලුයම 04.35ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි කුරුවිට, පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙකි. ඔහු සිය ගමන් මලුවල රුපියල් අටලක්ෂ හැටදහසක් වටිනා Òමැන්චෙස්ටර්Ó වර්ගයේ විදේශීය දුම්වැටි 8,600ක් අඩංගු දුම්වැටි කාටූන් 43ක් සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටිය දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඊට අමතරව කොළඹ 14, නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් පෙරේදා (08) දින පස්වරු 04.30ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී 119 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔහුගේ ගමන් මලු අතපසු වී (Miss Handle Baggage ) ගුවන් තොටුපොළ තුළ දමා ගොස් තිබිණි.

ඔහු එම ගමන් මලු 05/09 දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ, රැගෙන යමින් සිටියදී ඒවා තුළ සඟවා ගෙන තිබූ රුපියල් හයලක්ෂ හතළිස් දහසක් වටිනා Òමැන්චෙස්ටර් Ò වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400ක් අඩංගු දුම්වැටි කාටූන් 32ක් සොයා ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිදුවීම් පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT