Sunday, April 20, 2025
Home » පොදු සමාවේ දෙස­ති­යක් තුළ යුද හමු­දාවේ 9,770ක් ඉව­තට

පොදු සමාවේ දෙස­ති­යක් තුළ යුද හමු­දාවේ 9,770ක් ඉව­තට

by damith
May 6, 2024 1:02 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

නිවාඩු සල­කුණු නොකර සේව­යට වාර්තා නොකර සිටින යුද හමුදා සාමා­ජි­ක­යන් 9,770ක් පොදු සමා කාලයේ දෙස­ති­යක් තුළ ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදා මූල­ස්ථා­නය පව­සයි.

ශ්‍රී ලංකා යුද හමු­දාවේ නිවාඩු සල­කුණු නොකර සේව­යට වාර්තා නොකර සිටින සාමා­ජි­ක­යන්ට නීත්‍ය­නු­කූ­ලව සේව­යෙන් ඉවත් වීම සඳහා අප්‍රේල් 20 දින සිට මෙමස 20 දින දක්වා වූ මසක කාලය තුළ පොදු සමා කාල­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇත. ප්‍රකා­ශිත පොදු සමා කාල­සී­මාවේ දෙස­ති­යක් අව­සා­නයේ එනම් අප්‍රේල් 20 දින සිට මැයි 4 දින දක්වා කාලය තුළ, 2023 දෙසැ­ම්බර් 31 දින සහ ඊට පෙර නිවාඩු සල­කුණු නොකර සේව­යට වාර්තා නොකළ යුද හමුදා සාමා­ජි­ක­යන් 9,735 දෙනකු ඔවුන් අයත් රෙජි­මේන්තු මධ්‍ය­ස්ථාන වෙතින් තාව­කා­ලික අස්කි­රීම් කට­යුතු සිදු කර තිබේ.

නිවාඩු සල­කුණු නොකර සේව­යට වාර්තා නොකර දැනට විදේ­ශ­ග­තව සිටින යුද හමුදා සමා­ජි­ක­යන් 35 දෙනකු සඳ­හාද මේ කාල­සී­මාවේ යුද හමුදා සේව­යෙන් නීත්‍ය­නු­කූ­ලව ඉවත් වීම සඳහා කට­යුතු සිදු කර දී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදා මූල­ස්ථා­නය වැඩි දුර­ටත් සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT