Wednesday, April 23, 2025
Home » ක්‍රීඩා සංගම් ප්‍රධා­නීන්ගේ ධුර කාලය වසර 4 බැගින් අවස්ථා 2ක්

ක්‍රීඩා සංගම් ප්‍රධා­නීන්ගේ ධුර කාලය වසර 4 බැගින් අවස්ථා 2ක්

by damith
May 6, 2024 1:13 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර
  • ක්‍රීඩා ප්‍රශ්න විස­ඳී­මට දුක්ග­න්නා­රාල කෙනෙක්
  • පරි­පා­ල­න­යට සම්බන්ධ නව රෙගු­ලාසි 38ක් එයි

ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ හෝ ජාතික සංග­ම­යක තන­තුරු දැරී­මේදී හා නාම­යෝ­ජනා ලබා­දී­මේදී අනු­ග­ම­නය කළ යුතු නව නීති මාලා­වක් හදුන්වා දෙමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා පනත අනුව ලැබී ඇති බල­තල ප්‍රකා­රව අති විශේෂ ගැසට් නිවේ­ද­න­යක් ප්‍රකාශ කිරී­මට කට­යුතු යොදා ඇත.

ඒ අනුව ක්‍රීඩා සංගම් පරි­පා­ල­න­යට සම්බන්ධ රෙගු­ලාසි 38ක් නව ගැසට් නිවේ­ද­න­යෙන් ප්‍රකා­ශ­යට පත්වන අතර, එම නව නීති අනුව යම් නිල­ධා­රි­ය­කුට ප්‍රධාන තන­තු­රක කට­යුතු කළ හැකි උප­රිම ධුර කාලය වසර 8ක් වන අතර, එය වසර 4 බැගින් අවස්ථා දෙකක් ලෙස සඳ­හන් වේ.

කුමන හෝ ප්‍රධාන තන­තු­රක ධුර දැරිය හැකි උප­රිම කාලය වසර 2 බැගින් වසර 4ක් බව මෙතෙක් තිබූ නීතිය වන අතර, එම­ඟින් වැඩක් කිරී­මට කාල­යක් නැති බවට ක්‍රීඩා ක්ෂේත්‍රයේ මත­යක් ගොඩ­නැ­ගුණි. එබැ­වින් විවිධ පාර්ශ­ව­වල ඉල්ලීම් සලකා එම නීතිය ඇතුළු නීති ගණ­නා­වක් සංශෝ­ධ­නය කිරී­මට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කට­යුතු කර ඇත.

“ක්‍රීඩාව සම්පූ­ර්ණ­යෙන්ම දේශ­පා­ල­න­යෙන් ඈත් කර­නවා. දේශ­පා­ල­න­ඥ­යෙ­කුට ක්‍රීඩා සංග­ම­යක හෝ ප්‍රාදේ­ශීය සංග­ම­යක හෝ නිල­තල දරන්න බෑ. ඒ සම්බන්ධ ක්‍රියා­මාර්ග ගැනී­මට ක්‍රීඩා අධ්‍ය­ක්ෂ­ව­ර­යාට බල­තල පවරා තියෙ­නවා. ක්‍රීඩාවේ තියෙන ප්‍රශ්න විස­ඳන්න ‘ඔම්බ­ඩ්ස්ම­න්ව­ර­යෙක්’ දුක්ග­න්නා­රාල කෙනෙක් පත් කරන්න කට­යුතු කළා. තව තවත් දැඩි නීති ගෙනත් තියෙ­නවා” ඇමැ­ති­ව­රයා පැවැ­සීය.

ක්‍රීඩා ‘ඔම්බ­ඩ්ස්ම­න්ව­රයා’ වසර 3ක කාල­ය­කට පත්වන අතර, ක්‍රීඩාව සම්බ­න්ධ­යෙන් ඇති දුක්ගැ­න­විල්ල ඔහු වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඔහු විසින් ක්‍රීඩා ඇමැ­ති­ව­ර­යාගේ අභි­යා­චනා උප­දේ­ශන කමි­ටු­වට නිර්දේශ ඉදි­රි­පත් කිරීම සිදුවේ. කලින් ක්‍රීඩා­වට සම්බන්ධ ගැටලු රුපි­යල් 15000ක් ගෙවා ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ අභි­යා­චනා උප­දේ­ශන කමි­ටු­වට ඉදි­රි­පත් විය. මේ නව නියෝග පසු­ගිය 3 වැනිදා සිට බලා­ත්මක කිරීම උදෙසා කට­යුතු කොට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT