ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ දෙස් – විදෙස් ක්‍රිකට් තරු මිල දී ගන්නා දැවැන්ත වෙන්දේසිය මේ මස 21 දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක සංස්කරණ තුනේදී, ක්රීඩකයන් තෝරා ගනු ලැබුවේ ‘ක්‍රීඩක කෙටුම්පතක්’ මඟින් වුවද, පසුගිය වසරේ සිට එය දැවැන්ත ක්‍රීඩක වෙන්දේසියකින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්තේය. සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්රීඩකයන් 24ක් සහ අවම වශයෙන් ක්රීඩකයන් 20ක් සංචිතගත කිරීමේ හැකියාව ඇත.
පසුගිය වසරේ කණ්ඩායමක සිටි දේශීය ක්රීඩකයන් 4ක් හා විදේශීය ක්රීඩකයන් 2ක් මෙවර ද රඳවා ගැනීමේ හැකියාව ලබාදී ඇති අතර, ඍජු බඳවා ගැනීම්වලදී කණ්ඩායමකට විදේශීය ක්රීඩකයන් 4ක් අලුතින් බඳවා ගැනීමට අවස්ථාව සැලසේ. මේ 10 වැනිදාට පෙර සියලු කණ්ඩායම් රඳවා ගන්නා ක්රීඩකයන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. අවුරුදු 23න් පහළ ශ්‍රී ලංකා ක්රීඩකයෙක් ක්‍රීඩා කිරීම මේ තරගාවලියේ අනිවාර්ය කර ඇත. මෙවර ක්‍රීඩක කෙටුම්පතට (Player draft) විදෙස් ක්රීඩකයන් 500ක් පමණ ලියාපදිංචි වී සිටින අතර වෙන්දේසියට ක්රීඩකයන් 150ක් දක්වා අඩුකොට ඉදිරිපත් කිරීමට නියමිතය. ලියාපදිංචි වූ ක්රීඩකයන් අතරේ වැඩි වශයෙන් පාකිස්තානය, නවසීලන්තය, බංග්ලාදේශය, දකුණු අප්රිකාව, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ රටවල ක්‍රිකට් තරු ඇතුළත්ව සිටිති.