කොළොන්නාව බාලිකා ජාතික පාසලේ 60 වැනි සැමරුම විදුහල්පතිනි ජයන්තා බලගල්ල මහත්මියගේ උපදෙස් මත එහි ආචාර්ය මණ්ඩලය හා සිසු දැරියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 3 දා පාසල් භූමියේදී පැවැත්විණි.
විදුහල් මවුනි ඔබට සුභ උපන් දිනයක් තේමාව මුල් කර ගනිමින් සිදු කරන ලද මෙම උෙලළ මහා සඟරුවනේ සෙත් පිරිත් දේශනා මධ්‍යයේ ආරම්භ කෙරුණි. 5 වසර දැරියන්ගේ පෙරහැර, එම අංශ දැරියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු දැරියන්ගේ විශේෂ උපන් දින කේක් නිර්මාණ තරගය, පාසල් වෙබ් අඩවිය ආරම්භ කිරීම, එම විදුහලේම ගුරුතුමියක වූ ශම්මිකා එදිරිසිංහ බස්නායක මහත්මියගේ පද රචනයක් අනුව එහි සංගීතාචාර්යවරයා වන වජිරානන්ද මහතාගේ සංගීතයෙන් ගීතවත්වූ සංවත්සර උපහාර ගීතය පාසල් සංගීත කණ්ඩායම ඇතුළු සියලුම පාසල් දැරියන් විසින් ගායනා කිරීම හා වැඩමකොට සිටි මහ සඟරුවනට දහවල් දානය පිරිනැමීම වැනි අංග රැසකින් සමන්විත වූ මෙම උෙලළේ විශේෂ අවස්ථාවලින් කීපයෙකි මේ.
ඡායාරූප:- ඒ. සුමනසේන – කොළොන්නාව සමූහ