ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම එම විද්‍යාලයේ දී සිදු කෙරිණි. පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත සමයෙහි නවතා දමා තිබූ වැඩසටහන විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය විසින් මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුව සංවිධානය කර තිබිණි.
මෙහිදී එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස චමෝදි අමා ශිෂ්‍යයාව නිතරඟයෙන් තෝරා පත් කර ගැනුණි. දකුණ ආසියාවේ විශාලතම මිශ්‍ර පාසල ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දරුවන් හත් දහසකට වැඩි පිරිසක් ඉගෙනුම ලබති.