74
ගණකාධිකාරවරයෙකු මරණයට කැපවී සිටි ගවයන් කීප දෙනෙකු මුදාගෙන තිබූ අතර ඉන් රුපියල් 60 දාහක් වටිනා එළ වැස්සියක් හා පැටවෙකු කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇතැයි උතුරු කළුතර පොලිසිය කියයි.
උග්ගල්බඩ, 01 කණුව ප්රදේශයේ පදිංචි යක්දෙහි කන්දගේ මනුල තිලකරත්න (අවු.51) යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තමා 2021 වසරේදී මරණයට කැපවී සිටි ගවයන් තිදෙනෙකු මුදා ගත් බවත් මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ ඉන් එක් වැස්සියක හා පැටවෙකු බවත් ඔහු කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
උතුරු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.