Home » ගෙවල් දොරවල් බිඳ ලක්ෂ 40ක රන් ආභ­රණ සොරා­ගත් ‘සුද්දා’ දැලේ

ගෙවල් දොරවල් බිඳ ලක්ෂ 40ක රන් ආභ­රණ සොරා­ගත් ‘සුද්දා’ දැලේ

by damith
May 6, 2024 1:10 am 0 comment

මල්වාන සමූහ - මහා­නාම විතා­නගේ

දළු­ගම හා අවට පෙදෙ­ස්වල ගෙවල් බිඳුම් පහ­කට වැඩි ප්‍රමා­ණ­යක් සිදු කළ ‘සුද්දා’ යන අන්වර්ථ නාම­යෙන් හඳු­න්වන පුද්ග­ල­ය­කුව කිරි­බ­ත්ගොඩ පොලි­සිය මඟින් පසු­ගිය 3 වැනිදා මත් කුඩු සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

එමෙන්ම මොහු විසින් එම නිවෙ­ස්ව­ලින් සොර­කම් කරන ලද රුපි­යල් ලක්ෂ හත­ළි­හක් පමණ වටිනා රන් ආභ­රණ පවුම් 25ක් පමණ ඔහුගේ සග­ය­කුගේ මාර්ග­යෙන් ජා – ඇළ ප්‍රදේ­ශයේ රන් ආභ­රණ අ‍ෙලවි සැල­කට විකුණා තිබි­යදී සොයා­ගෙන ඇති අතර, ඒ සම­ඟම එම සගයා ද පොලිස් භාර­යට ගෙන තිබේ.

මොහු කොහ­ල්විල ප්‍රදේ­ශ­යේදී සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් අව­ස්ථාවේ ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 මිලි ග්‍රෑම් 600ක් හමු වී ඇති අතර, පසුව අවට සී.සී.ටී.වී කැමරා නිරී­ක්ෂ­ණය කොට ඔහු­ගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරී­මේදී මේ ගෙවල් බිඳුම් සම්බ­න්ධව අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වී තිබේ. මොහු රාත්‍රී කාලයේ නිවෙ­සි­යන් නිදා සිටි­යදී ජනේල හා වහ­ල­ව­ලින් එම නිවා­ස­ව­ලට ඇතුළු වී ඒවායේ තිබෙන මුදල් හා රන් ආභ­රණ රැගෙන ගොස් තිබෙන අතර, එම මුදල් මත්කුඩු පානය කිරීම සඳහා වැය කර තිබේ. මොහු කොහ­ල්විල ප්‍රදේ­ශයේ තාව­කා­ලි­කව පදිං­චිව සිටින 43 හැවි­රිදි පුද්ග­ල­යකු වන අතර, ඔහුගේ සගයා යක්කල ප්‍රදේ­ශයේ පදිංචි 45 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

අත්අ­ඩං­ගු­වට ගත් මොහු අධි­ක­ර­ණ­යෙන් රැඳ­වුම් නියෝග ලබා­ගෙන තව­දු­ර­ටත් ප්‍රශ්න කිරී­මට කට­යුතු කර­ගෙන යයි.

කිරි­බ­ත්ගොඩ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුසන්ත කුමාර මහ­තාගේ උප­දෙස් අනුව එහි අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක රෝහණ නන්ද­සිරි, පොලිස් සැර­යන් (2725) සිසිර, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (82436) ලක්මාල්, (20689) සුගන්ද, (79778) පත්ම­සිරි හා කාන්තා පොලිස් කොස්තා­පල් (8412) නිලූකා යන නිල­ධා­රීහු මේ වැට­ලී­මට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT