ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් යටතේ යුක්තිය පසිඳලීමේ බලය ගමට දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය පළමු වැනිදා පැවැති ලෝක කම්කරු දින නිමිත්තෙන් සංවිධාන කළ මැයි රැළියේදීය. “ඔබේ ගමට නීතිය හදා ගන්න බලයක් ක්රමයක් අපි ඔබට හදා දෙනවා. ගිහිල්ලා කල්පනා කරන්න මොකක්ද මැයි දිනයේ දී කිව්වේ කියලා. ගමට නීතිය ක්රියාත්මක කරන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. ඔබට නීතිය පසිඳලන්න බලයක් යම් අධිකරණ බලයක් ගමට දෙනවා. නීතිය හදාගන්න බලයත් නීතිය ක්රියාත්මක කරන බලයත් නීතිය පසිඳලීමේ බලයත් පහළට පහළට පහළට බෙදලා දෙන නව දේශපාලන පරිවර්තනයක් මේ රටේ ඇති කරනවා යැයිද හෙතෙම එහි දී කියා සිටියේය.