උඩරට අමරපුර මහා නිකායේ ශාසනජෝතික පාර්ශ්වයේ මහානායක, ප්‍රවචන කීර්ති සංඝානන්ද, මහෝපාධ්‍යාය, ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය නියංගොඩ සමිද්ධි මංගල මහනාහිමියෝ වසර 83ක් ආයු වලඳා පෙරේදා (4) අපවත් වූහ.
දොඩම්වල ශ්‍රී බෝධිමළු විහාරය, පින්නවල ජාත්‍යන්තර නිස්සරණ බෞද්ධ මධ්‍යස්ථානය, ගෙලිඔය ධර්ම පර්යේෂණ මධ්‍යස්ථානය, කටුගස්තොට ශාන්ත ධරණී ආශ්‍රම විහාරය, අම්පිටිය චිත්ත විවේකාශ්‍රමය යන ආයතනවල අධිපති ධුරය හෙබවූ උන් වහන්සේ 1968 වසරේ සිට 2001 වසර දක්වා හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙනේ පරිවේණාධිපති ධුරයද හොබවා ඇත. ශ්‍රී දේහය මේ වන විට දොඩම්වල ශ්‍රී බෝධිමළු විහාරයේ තැන්පත් කර ඇති අතර, ආදාහන පූජෝත්සවය බදාදා (8) ප.ව. 12.30ට වරාතැන්න ඓතිහාසික සීමා මාලකය අසල ක්‍රීඩා පිටියේදී සිදු කෙරේ.