Home » නියං­ගොඩ සමිද්ධි මංගල මාහි­මියෝ අප­වත් වෙති

නියං­ගොඩ සමිද්ධි මංගල මාහි­මියෝ අප­වත් වෙති

by damith
May 6, 2024 1:02 am 0 comment

කටු­ග­ස්තොට සමූහ - එස්.ජී. විජේ­රත්න

උඩ­රට අම­ර­පුර මහා නිකායේ ශාස­න­ජෝ­තික පාර්ශ්වයේ මහා­නා­යක, ප්‍රව­චන කීර්ති සංඝා­නන්ද, මහෝ­පා­ධ්‍යාය, ශාස්ත්‍ර­පති පණ්ඩිත අති­පූජ්‍ය නියං­ගොඩ සමිද්ධි මංගල මහ­නා­හි­මියෝ වසර 83ක් ආයු වලඳා පෙරේදා (4) අප­වත් වූහ.

දොඩ­ම්වල ශ්‍රී බෝධි­මළු විහා­රය, පින්න­වල ජාත්‍ය­න්තර නිස්ස­රණ බෞද්ධ මධ්‍ය­ස්ථා­නය, ගෙලි­ඔය ධර්ම පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නය, කටු­ග­ස්තොට ශාන්ත ධරණී ආශ්‍රම විහා­රය, අම්පි­ටිය චිත්ත විවේ­කා­ශ්‍ර­මය යන ආය­ත­න­වල අධි­පති ධුරය හෙබවූ උන් වහන්සේ 1968 වසරේ සිට 2001 වසර දක්වා හේනේ­ගම ශ්‍රී සංඝා­නන්ද පිරි­වෙනේ පරි­වේ­ණා­ධි­පති ධුර­යද හොබවා ඇත. ශ්‍රී දේහය මේ වන විට දොඩ­ම්වල ශ්‍රී බෝධි­මළු විහා­රයේ තැන්පත් කර ඇති අතර, ආදා­හන පූජෝ­ත්ස­වය බදාදා (8) ප.ව. 12.30ට වරා­තැන්න ඓති­හා­සික සීමා මාල­කය අසල ක්‍රීඩා පිටි­යේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT