කොල්ලුපිටිය ප්රදේශයේ දී කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වංචා විමර්ශන අංශයේ තවත් පොලිස් පරීක්ෂකවරයකු ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා පෙරේදා (4 ) නියෝග කළේය.
සැකකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මුදලක් ලබා ගෙන නොමැති බවත් මුදල් ලබා ගත් අනෙක් දෙදෙනා සැකකරුට කිසිදු මුදලක් ලබා දී නැති බවත් කියමින් ඔහුට ඇප ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් නිතිඥ මඬුල්ලක් සිදු කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළ මහේස්ත්රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. සැකකරුගේ දුරකතන දත්ත වාර්තාවක් කැඳවා ඇති බව කී පොලිසිය ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීමට මහේස්ත්රාත්වරයා අවසර ලබා දුන්නේය. එමෙන්ම මේ සිද්ධියට අදාළව වංචා විමර්ශන අංශයේ සේවය කරන තවත් සැරයන්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පසුගිය මාර්තු මස 22 වනදා පැමිණිලිකරුගේ නිෙවසට ඇතුළු වී අපරාධ පරීක්ෂණ නිලධාරින් බවට පවසා සේප්පුවේ තිබූ මුදල් කොල්ලකා මෙම සැකකරුවන් ඇතුළු පිරිසක් ගාලු පාරෙන් පලා ගොස් ඇති බවත් වංචා විමර්ශන අංශයේ තවත් නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු වන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. පැමිණිලිකරුගේ නිෙවසට ඇතුළු වී මරණ බවට තර්ජනය කර පහර දී අෙමරිකානු ඩොලර් 3500ක් සහ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් කොල්ලකා ඇති අතර මෙම සිද්ධියට අදාළව තවත් කාන්තාවක් ඇත. සැකකරුවන් සිව් දෙනකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් පත් කර ලබන 14 තෙක් රක්ෂිත බන්ධනගාරගත කිරීමට කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
අදාළ සැකකරුවන් පැමිණ එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්රය රැගෙන ගොස් ඇති බවත් ඉන් අනතුරුව පැමිණිලිකරුට දුරකතනයෙන් ඇමතුමක් ලබා දී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්රය නැවත ලබාදීමට රුපියල් කෝටි 4ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ. පසුව එම මුදල කෝටි තුනහමාරක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විමර්ශන මඟින් අනාවරණය කර ඇති අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙලෙස අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් පොලිස් පරීක්ෂකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.