Home » පොඩි දෙන­මට අමුතු බණ දෙසූ චීව­ර­ධා­රීන් දෙදෙ­නාට මාංචු

පොඩි දෙන­මට අමුතු බණ දෙසූ චීව­ර­ධා­රීන් දෙදෙ­නාට මාංචු

by damith
May 6, 2024 1:02 am 0 comment

මිහි­න්තලේ - සශිනි මධු­ෂානි

ඇල­යා­ප­ත්තුව පොලිස් වසමේ බුලං­කු­ලම ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක සිටි වයස අවු­රුදු 10ක සහ 13ක සාම­ණේර දෙන­ම­කට බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යක් කළ චීව­ර­ධා­රීන් දෙදෙ­නකු පෙරේදා (4) අත්අ­ඩං­ගු­වට ගත් බව ඇල­යා­ප­ත්තුව පොලි­සිය පව­සයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ අවු­රුදු 23 සහ 24 වියේ පසු වන චීව­ර­ධා­රීහු දෙදෙ­නෙකි. හදිසි ඇම­තුම් ඒක­ක­යට (119) ලද පැමි­ණි­ල්ල­කට අනුව මේ විහා­ර­ස්ථා­න­යට ගොස් සිදු කළ විම­ර්ශ­න­ය­කදී මේ කරුණු අනා­ව­ර­ණය වී තිබේ. මේ සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් චීව­ර­ධා­රීන් දෙදෙනා අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව සිටි­යහ. ඇල­යා­ප­ත්තුව පොලි­සියේ ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) රංජිත් බණ්ඩාර මහ­තාගේ උප­දෙස් මත නිල­ධා­රීහු පිරි­සක් මේ සම්බ­න්ධ­යෙන් වැඩි දුර විම­ර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT