ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක රජයේ අනුමත මත්පැන් වැඩි මිලට අලෙවි කරමින් සිටි පුද්ගලයකු මත්පැන් අලෙවියෙන් උපයාගත් මුදල්ද සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (4) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ සංචාරක හෝටලයක වැටලීමක් සිදු කර ඇති අතර, එහිදී ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නීති විරෝධීව බලපත්‍රද නැතිව රජයේ අනුමත මත්පැන් වන බියර් බෝතල් 31, බියර් කෑන් 73 ක් හා විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 56ක් සන්තකයේ තබාගෙන වැඩි මිලට අලෙවි කරමින් සිටි පොතුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයකු මත්පැන් අලෙවියෙන් උපයාගත් රු. 237,870.00ක මුදලක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානයට භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ කාර්ය බළකාය අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය භාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකා ශාස්ත්රවෙල කඳවුරේ අණ දෙන නිලධාරි (පො.ප) එච්.ඒ.එම්. මධුසංඛ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර තිබේ.