188
ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවල රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් බර්නාඩ් හිල් මෙලොවින් සමුගත් බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මිය යන විට 79 හැවිරිදි වියෙහි පසු වූ මේ විශිෂ්ට බ්‍රිතාන්‍ය නළුවා 1975 සිට මේ දක්වා හොලිවුඩ් සිනමාවේ අමතක නොවන චිත්‍රපට රැසකටම දායකත්වය ලබා දුන්නේය.
ටයිටැනික් චිත්‍රපටයේ නැවේ කපිතාන්ගේ චරිතයත්, ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටයේ තෝඩන් රජුගේ චරිතයත් ඒ අතරින් වඩාත් කැපී පෙනිණි.