145
එංගලන්ත නාගරික මැතිවරණයේදී හැඳුනුම්පත නොමැතිව ජන්ද මධ්‍යස්ථානයට ගිය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් මැතිවරණ නිලධාරීන් විසින් ආපසු හරවා යවනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ජන්දය භාවිත කිරීමට හැඳුනුම්පත අනිවාර්ය කිරීමේ නීතිය එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ බොරිස් ජොන්සන් විසින්ම පනවන ලද්දකි.
දකුණු ඔක්ස්ෆර්ඩ්ෂයර් ජන්ද මධ්‍යස්ථානයේදී මේ සිදුවීම වාර්තා වී ඇති අතර, පසුව ඔහු හැඳුනුම්පත රැගෙන යළි පැමිණ ජන්දය භාවිත කර ඇතැයි වාර්තා වේ.