ලෝක ප්‍රකට ‘අල් ජසීරා‘ රූපවාහිනී සමාගමේ ඊශ්‍රායල මෙහෙයුම් කාර්යාලය වසා දැමීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන ‘අල් ජසීරා‘ රූපවාහිනි නාළිකාව වසා දැමීමට තීරණය එරට රජය තීරණය කර ඇත්තේ හමාස් යුද ගැටුම් අතරතුර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදේශිය රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතන තාවකාලිකව වසා දැමීමට පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කරගැනීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්ස් සමාජ මාධ්‍යයේ සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. එම තීරණයට අනුව අල් ජසීරා නාළිකාව වසා දැමිම ස්ථීරව හෝ තාවකාලිකව සිදුවන්නේදැයි හෝ එය ක්‍රියාත්මක වන දිනය කවදාදැයි හෝ මෙතෙක් තහවුරු වී නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊශ්‍රායලයේ ‘අල් ජසීරා’ රූපවාහිනි නාළිකාව වසාදැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි
by damith
May 6, 2024 1:08 am
0 comment
372