ගාසා තීරයේ යුද්ධය අවසන් කරමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට හමාස් සංවිධානය විසින් කරනු ලැබූ ඉල්ලම් ඊශ්‍රායලය පිළිනොගන්නා බව එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල අගමැතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ගාසා තීරයේ සටන් විරාමයක් නැවත ස්ථාපිත කිරීමට පාර්ශ්ව රැසක් ඊජිප්තුවේදී සාකච්ඡා පවත්වමින් සිටින අතරතුරදීය. යෝජිත සටන් විරාම ගිවිසුම මගින් ඊශ්‍රායලයට තර්ජනයක් එල්ල වනු ඇතැයි ද, ගාසා තීරයේ පාලනය හමාස් සංවිධානයට හිමි වනු ඇතැයි ද ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. යෝජිත ගිවිසුමට අනුව හමාස් සංවිධානය රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහ ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීන ජාතිකයන් නිදහස් කරගැනීමට දින 40ක සටන් විරාමයක් ඊජිප්තුවේදී පවත්වමින් සිටින ගාසා සටන් විරාම යෝජනා ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
326