විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන නවසීලන්ත සංචිතය නම් කර ඇති අතර, 15 දෙනකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය කේන් විලියම්සන්ට හිමිව තිබේ.
ඔහු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකට එක්වන 6 වැනි අවස්ථාව මෙය වන අතර, ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනකු වන ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් නම් කර තිබීම කැපී පෙනේ.
ඔවුන් දෙදෙනා එක්වන 7 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය මෙය වීම විශේෂත්වයක් වන අතර, සවුති ජාත්‍යන්තර විස්සයි20 පිටියේ වැඩිම කඩුලුලාභියා ද වෙයි.
මේ අතර රචින් රවින්ද්‍ර සහ මැට් හෙන්ඩ්‍රි සංචිතයට නම් කර ඇති අතර, ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන පළමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය මෙයයි.
නවසීලන්ත සංචිතය: කේන් විලියම්සන් (නායක), ෆින් ඇලන්, ට්‍රෙන්ට් බෝල්ට්, මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් ෆිලිප්ස්, රචින් රවීන්ද්‍ර, ඉෂෙල් සොන්ඩිනර්, සවුති, බෙන් සියර්ස්.