Home » ලෝක කුස­ලා­න­ සටනේදී බෝල්ට්-සවුති 7 වැනි තර­ගා­ව­ලි­යට

ලෝක කුස­ලා­න­ සටනේදී බෝල්ට්-සවුති 7 වැනි තර­ගා­ව­ලි­යට

by damith
May 4, 2024 1:17 am 0 comment

නිරෝ­ෂාන් ප්‍රියං­කර

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට එක්වන නව­සී­ලන්ත සංචි­තය නම් කර ඇති අතර, 15 දෙන­කු­ගෙන් සම­න්විත සංචි­තයේ නාය­ක­ත්වය කේන් විලි­ය­ම්සන්ට හිමිව තිබේ.

ඔහු විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­ය­කට එක්වන 6 වැනි අව­ස්ථාව මෙය වන අතර, ජ්‍යෙෂ්ඨ­තම ක්‍රීඩ­ක­යන් දෙදෙ­නකු වන ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් නම් කර තිබීම කැපී පෙනේ.

ඔවුන් දෙදෙනා එක්වන 7 වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය මෙය වීම විශේ­ෂ­ත්ව­යක් වන අතර, සවුති ජාත්‍ය­න්තර විස්සයි20 පිටියේ වැඩිම කඩු­ලු­ලා­භියා ද වෙයි.

මේ අතර රචින් රවින්ද්‍ර සහ මැට් හෙන්ඩ්‍රි සංචි­ත­යට නම් කර ඇති අතර, ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන පළමු විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය මෙයයි.

නව­සී­ලන්ත සංචි­තය: කේන් විලි­ය­ම්සන් (නායක), ෆින් ඇලන්, ට්‍රෙන්ට් බෝල්ට්, මයි­කල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගි­යු­සන්, මැට් හෙන්රි, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් ෆිලිප්ස්, රචින් රවීන්ද්‍ර, ඉෂෙල් සොන්ඩි­නර්, සවුති, බෙන් සියර්ස්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT