Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකා ‘ඒ’ කලින්ම එක්දින තර­ගා­ව­ලිය දිනයි

ශ්‍රී ලංකා ‘ඒ’ කලින්ම එක්දින තර­ගා­ව­ලිය දිනයි

by damith
May 4, 2024 1:18 am 0 comment

නිරෝ­ෂාන් ප්‍රියං­කර

සංචා­රක ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ කණ්ඩා­යම සමඟ පැවති තෙවැනි නිල­නො­වන එක්දින තර­ගය කඩුලු 4කින් ජය ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

මේ සමඟ තරග 5කින් සම­න්විත නිල­නො­වන එක්දින තර­ගා­ව­ලිය තරග 2ක් ඉති­රිව තිබි­ය­දීම 3-0ක් ලෙස ජය ගැනී­මට ශ්‍රී ලංකා පිලට හැකි විය.

හම්බ­න්තොට මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණයේ පැවති මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ඇෆ්ගන් ‘ඒ’ පිල ලකුණු 185කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ ඕවර 37.3කදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ කඩුලු 6ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

ශ්‍රී ලංකා ජය තහ­වුරු කළ පසිඳු සූරි­ය­බ­ණ්ඩාර පන්දු 109කදී හතරේ පහර 9ක් සම­ඟින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84කි. නායක නිශාන් මධුෂ්ක ලකුණු 20ක්, සොනාල් දිනූෂ ලකුණු 35ක් ඉනි­මට එක් කළ අතර, පන්දු යැවී­මේදී මොහො­මඩ් සලීම් කඩුලු 3ක් සහ බිලාල් සාමි කඩුලු 2ක් දවා ගත්හ.

තර­ගයේ කාසියේ වාසිය දිනා පළ­මුව පන්දු­වට පහ­ර­දී­මට පිටි­යට පිවිසි ඇෆ්ගන් පිති­ක­රු­වන්ට මුල සිටම සාර්ථක වීමට අව­ස්ථා­වක් නොදුන් ශ්‍රී ලංකා ඒ පන්දු යවන්නෝ ඕවර 41.2කදී ඉනිම නිමා කළහ.

සියා උර් රහ­මාන් ලකුණු 36ක් රැස් කර­මින් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, ලකුණු 20 සීමාව පසු කළ හැකි වූයේ තවත් පිති­ක­රු­වන් දෙදෙ­න­කුට පමණි. දාර්විෂ් රසෝලි ලකුණු 25ක්, ෂහි­දුල්ලා කමල් ලකුණු 23ක් රැස් කළහ. පන්දු යැවී­මේදී මොහො­මඩ් ශිරාස් කඩුලු 3ක් බිඳ දැමූ අතර, සොනාල් දිනූෂ සහ දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ තර­ග­යේදී සොනාල් දිනූෂ සහ චමිඳු විජේ­සිංහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම වෙනු­වෙන් තරග වරම් හිමි කර ගත්හ.

දෙපිල අතර සිව්වැනි නිල­නො­වන එක්දින තර­ගය හෙට (5) හම්බ­න්තො­ට­දීම පැවැත්වේ.

ඇෆ්ගන් ‘ඒ’ – 185 (ඕවර 41.2) සියා උර් රහ­මාන් 36, දාර්විෂ් රසෝලි 25 (මොහො­මඩ් ශිරාස් 31/3, සොනාල් දිනූෂ 29/2, දුෂාන් හේමන්ත 29/2)

ශ්‍රී ලංකා ‘ඒ’ – 186/6 (ඕවර 37.3) පසිඳු සූරි­ය­බ­ණ්ඩාර නොදැවී 84, සොනාල් දිනූෂ 35, නිශාන් මධුෂ්ක 20 (මොහො­මඩ් සලීම් 32/3, බිලාල් සාමි 43/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT